ගාසා තීරයේ උතුරු ප්‍රදේශයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මාලාවකින් පලස්තීන ජාතිකයින් 48 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මියගිය පිරිස අතරට ළමුන් 22 දෙනෙකු සහ කාන්තාවන් 15 දෙනෙකු ද අයත්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජබාලියා නගරයේ නිවාස ගණනාවකට සහ සරණාගත කඳවුරකට ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
පලස්තීන සන්නද්ධ කණ්ඩායමක් විසින් ඊශ්‍රායලයට පළමුව රොකට් ප්‍රහාර එල්ල කර තිබුණා.
ඉන් අනතුරුව අඟහරුවාදා රාත්‍රියේ ජබාලියා සහ අසල්වැසි ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස අනතුරු අඟවා තිබූ බවත් පසුව මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.