වොෂින්ටන් ඩීසී හි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිස, අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡාවල දෙවන වටයේ සාකච්ඡා සඳහා සහභාගි වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් දා සිදුකල බදු පැනවීමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ද සියයට 44ක බද්දක් පැනවූවා.
මේ අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලෝකයේ සෑම රටකටම එරෙහිව තීරුබදු පැනවීමෙන් ඔහුගේ අධිකාරිය ඉක්මවා ගොස් ඇති බවට අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් තීන්දු කර තිබෙනවා.
මෙම තීරණය ලබාදී ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාම පදනම් කරගත් අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක්.
ජාත්‍යන්තර වෙළඳ අධිකරණය තීන්දු කර ඇත්තේ ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවයි.
ලෝකයටම බලපාන මෙම තීන්දුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදෙස් ප්‍රවෘත්ති තුළින් බලාපොරොත්තු වන්න.