ශ්‍රී ලංකා රේගුව විසින් බ්‍රැන්ඩික්ස් සමූහයට එරෙහිව රේගු වරදකට අදාළ කිසිදු ආකාරයක විගණනයක් හෝ විමර්ශනයක් ආරම්භ කර නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසනවා
ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාවේ ඇඟළුම් නිෂ්පාදකයෙකු සහ අපනයනකරුවෙකු වන බ්‍රැන්ඩික්ස් සමාගම් සමූහයට අදාළව 2025 අප්‍රේල් 24 දින සමාජ මාධ්‍ය තුල පලවී තිබු ලිපියේ ඇති චෝදනා අන්තර්ගතය සම්පූර්ණයෙන්ම වැරදි බවත් එය සම්පූර්ණයෙන්ම ව්‍යාජ ප්‍රවෘත්තියක් බවයි
එම වාර්තාවට පටහැනිව, ශ්‍රී ලංකා රේගුව විසින් බ්‍රැන්ඩික්ස් සමූහයට එරෙහිව රේගු වරදකට අදාළ කිසිදු ආකාරයක විගණනයක් හෝ විමර්ශනයක් ආරම්භ කර නොමැති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කර සිටියේ.
බ්‍රැන්ඩික්ස් හෙළිදරව් කිරීමට හෝ බ්‍රැන්ඩික්ස් නැව්ගත කිරීමේ ප්‍රකාශන සම්බන්ධයෙන් විමර්ශනයක් හෝ විගණනයක් ආරම්භ කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියෝගයක් නිකුත් කර ඇති බවට එම ලිපියේ කර ඇති ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.