වීසා නොමැතිව , නීතිවිරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එරටින් පිටුවහල් කර අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා.
කුවේට් රාජ්‍යයේ රැදී සිටිමින් වීසා නොමැතිව විවිධ රැකියා වල නිරත වී සිටි මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස , එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගැනීමෙන් පසුව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ද මැදිහත් වීම මත මෙසේ ආපසු එවා තිබූණි .
මෙම පිරිස අද අලුයම 04.30 ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී. 9 - 587 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබු අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරී විසින් , ඔවුන්ට සිය ගම් - බිම් බලා යාමට අවශ්‍ය මුදල් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණා.