Friday, May 30, 2025

General line - 0115112241

සයිබර් ප්‍රහාරයෙන් දත්තවලට හානියක් නැතැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව කියයි



විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් වෙත එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් කිසිදු දත්ත හානීවීමක් හෝ විනාශ වීමක් සිදුව නොමැති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සයිබර් ප්‍රහාරයෙන් කිසිදු මාර්ගගත තොරතුරු පද්ධතියේ කටයුතු අඩාල වීමක් සිදුනොවන පරිදි යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට කටයුතු කර ඇති බවයි. 

පසුගිය අප්‍රේල් පළමු සතිය තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු ආරක්ෂණ පද්ධතීන් වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබූ අතර ඒ පිළිබඳ දැනුවත් වූ වහාම දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් නැවත යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. 

සයිබර් ප්‍රහාරයෙන් අනතුරුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු පද්ධතීන් නැවත ක්‍රියාත්මක කිරීමේ දි කිසිදු දත්ත හානී වීමක් හෝ අහිමිවීමක් සිදුව නොමැති බවට ද තහවුරු වී තිබෙනවා.

මෙම සයිබර් ප්‍රහාරයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ තොරතුරු ආරක්ෂා කිරීම සඳහා කටයුතු කළ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් නෙත් නිවුස් විමසීමක් කළා. 

මේ, එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොළ මෙහතා.