Friday, May 30, 2025

General line - 0115112241

ගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට



විකිණීමට සුදානම් කර තිබූ ග්‍රෑම් 170ක් පමණ වූ ගජමුතුවක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.      

ඒ, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කොම්පඤ්ඤවීදිය, ජේමිස් පීරිස් මාවතේ සිදුකල වැටලීමකදීයි. 

සැකකරුවන් අවුරුදු 31 හා 27 වයසේ පසුවන ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවයි පොලීසිය පැවසුවේ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර කොම්පඤ්ඤවීදිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.