Friday, May 30, 2025

General line - 0115112241

පරිපූරක හා තැපෑලෙන් පසු වෛද්‍යවරුත් වැඩවර්ජනයකට අර අදී



පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තිකයින් පිරිසක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටින පසුබිමක තවත් සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදනම් වනවා. 

ඒ අන් කවරෙකුත් නොව රෝහල් පද්ධතියට දැඩිව බලපාන වෛද්‍යවරුන්. 

ඔවුන් පවසන්නේ අයවැයෙන් යෝජනා කළ වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි දීමනා ගැටලුවට මෙතෙක් විසඳුමක් නොලැබී ඇති බවයි.

එළඹෙන සතිය තුළ මෙම ගැටලුවට විසඳුමක් නොලැබුණහොත් ඊළඟ සතියේදී දැඩි පියවර ගැනීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා.


වෛද්‍යවරුන්ගේ ඉල්ලීම මෙතෙක් ඉටු නොවුනේ ඇයි?


කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ මේ මොහොතේ වෛද්‍ය වර්ජනයක් සිදුවනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවයි.