Friday, May 30, 2025

General line - 0115112241

හිටපු ඇමති දුමින්ද යළි රිමාන්ඩ්



හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ජූනි මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. 

ඒ, හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී-56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි. ‍

රන් ආලේපිත මෙම ටී-56 වර්ගයේ ගිනිඅවිය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු මේ වනවිට සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළවයි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබුණේ.