Friday, May 30, 2025

General line - 0115112241

වර්ජනයේ නිරත තැපැල් නිලධාරින් විරෝධතාවක



වර්ජනයක නිරත තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් අද දහවල් විරෝධතාවක නිරත වුණා. 

ඒ, තැපැල් මූලස්ථානය ඉදිරිපිටදීයි. 

ඉල්ලීම් කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් දෙදින වැඩවර්ජනයක් ආරම්භ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිටයි. 

ඒ අනුව සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බල කරමින් ඔවුන් අද දහවල් එලෙස විරෝධතාවක නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.