Friday, May 30, 2025

General line - 0115112241

යොවුන් සිත් සැනසූ බණ්ඩාරවෙල අමිතාන්ද හිමියෝ අපවත් වෙති.




ඒ හඬ ඔබට මතකද? 

ඒ, යොවුන් සිත් දහම් සිසිලෙන් සැනසූ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ හඬයි. 

තරුණ තරුණියන් බෞද්ධ දර්ශනය වෙත නැඹුරු කරවීමට මෙන්ම තරුණ සිත් තුළ බෞද්ධාගමික ප්‍රබෝදයක් ඇති කිරීමට උන් වහන්සේ කළ මෙහෙය අපමණයි.
 

නෙත් එෆ් එම් ශ්‍රාවකයින්ට ද අතිශය සමීප අපවත් වී වදාළ පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් නෙත් එෆ් එම් රේඩියෝව ආරම්භක සමයේ සිටම ධර්ම දේශකයානන් වහන්සේ නමක් ලෙස එක්ව කටයුතු කළා. 

මෙරට රේඩියෝ නාළිකාවක් විසින් සංවිධාන කළ පළමු කඨින චීවර පූජාව සිදු   කළේ ද පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දෙල්ගොඩ පිහිටි යොවුන් සිතට දහම් සිසිල මධ්‍යස්ථානයේදීයි.

උන්වහන්සේ නෙත් එෆ් එම් රේඩියෝව සමඟ එක්ව සිදුකල ආගමික මෙහෙවර පිළිබඳ නෙත් ආගමික අංශයේ සමීර බණ්ඩාර වීරකෝන් ගෙන එන වාර්තාවක් දැන්.