බදු ගෙවීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා බදු ශක්ති නමින් බදු සතියක් නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
එම සතිය ජුනි මස 02 වනදා සිට 08 වනදා දක්වා ක්‍රියාත්මකයි.
එහි සමාරම්භය ජූනි මස 02 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි.
මේ, අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස්. ශාන්ත මහතා.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ආර්.පී.ජී.එච්. ප්‍රනාන්දු මහත්මිය ද එහිදී අදහස් පළ කළා.