Friday, May 30, 2025

General line - 0115112241

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකු වෙත ස්ථාන මාරුවීම් හා පත්කිරීම්



වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනෙකු වෙත ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී තිබෙනවා. 

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

ඒ අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 05 දෙනෙකුට එලෙස ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබාදී තිබෙනවා.
 

මත්තල පොලිස් ස්ථානාධිපති තනතුරෙහි රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්.එම්.පී.එම්. බණ්ඩාර මහතා නුගේගොඩ කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 

පොලිස් පරීක්ෂක ආර්.ඒ.එල්. චතුරංග මහතා ස්ථාන මාරු කර ඇත්තේ තංගල්ල ස්ථානාධිපති තනතුරෙහි සිට මත්තල පොලිස් ස්ථානාධිපතිවරයා ලෙසයි.
 

නීති කොට්ඨාසයේ සිට මානව හිමිකම් කොට්ඨාසයේ ස්ථානධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.කේ.ඩී.එන්.එම්. ගුණවර්ධන මහතා ස්ථාන මාරු කර තිබෙනවා. 

ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ආර්.එම්.ඩී.කේ.වී. දුණුවිල මහතා ඇල්පිටිය කොට්ඨාසයේ සිට කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ. 
 

ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් ලැබූ සෙසු පොලිස් නිලධාරින්ගේ නම් ද ඇතුළත් සම්පූර්ණ නාම ලේඛනය නෙත් නිවුස් ඩොට් එල් කේ අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.