Sunday, May 5, 2024

General line - 0115112241

අනපේක්ෂිත මිත්‍රශීලි හමුවක්




ශ්‍රී ලංකා දකුණු කොරියානු ජනාධිපතිවරුන්ගේ නිල හමුවට පෙර අනපේක්ෂිත මිත්‍රශීලි හමුවක් අද (28) පැවැත්වුණා.

ජනාධිපතිවරුන් අතර නිල හමුව පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට (29) දිනයේදීයි.

ඊට පෙර දකුණු කොරියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (28) මුණගැසී උණුසුම් ලෙස පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ඒ සිය තෙදින දකුණු කොරියානු සංචාරයේ පළමු කටයුත්ත ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයේ වැඳපුදා ගැනීමට ගිය අවස්ථාවේදීයි.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත්‍රශීලී පිළිගැනීමක් ලබාදීමට තමා පැමිණි බව දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් එහිදී පැවසූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.