Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු 410 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසෙයි (UPDATE)

කසුන් කැලුම්




ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 410 ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

ඒ, කඩුලූ 5 කට ලකුණු 246 ක්ව තිබියදී ඉන්දීය කණ්ඩායම සිය දෙවන ඉනිම අත්හිටුවිමත් සමගයි.

ඉන්දීය දෙවන ඉනිම වෙනුවෙන් ශිකර් දවාන් ලකුණු 67 ක්, විරාත් කෝලි ලකුණු 50 ක් සහ රෝහිත් ෂර්මා නොදැවී ලකුණු 50 ක් රැස් කළා. පන්දු යැවීමේදි සුරංග ලක්මාල්, ලහිරු ගමගේ, දිල්රුවන් පෙරේරා, ධනංජය ද සිල්වා සහ ලක‍ෂාන් සදකැන් එක් කඩුල්ල බැගින් බිදහෙළුවා.

ඉන්දිය කණ්ඩායමේ පළමු ඉනිම කඩුලූ 7 කට ලකුණු 536 යි. ශී්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 373 කට සීමා වුණා.

ලකුණු 410 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට එක් කඩුල්ලක් දැවී ලකුණු 14 ක් රැස්කර ගෙන සිටිනවා. 

-------------------

ඉන්දීය දෙවැනි ඉනිම අරඹයි - පළමු කඩුල්ල බිඳ වැටේ (05-12-2017 10:48)

ඉන්දියාව සමග නවදිල්ලිහි පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ශ‍්‍රි ලංකා ක‍්‍රිඩකයින් අදත් (05) මුඛවාඩම් පැළඳ සිටිනවා.

අද මෙම තරගයේ 4වන දිනයයි. 

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉණිම අද උදෑසන අවසන් වූ අතර ඉන්දිය කණ්ඩායමේ දෙවන ඉණිම ඉන් අනතුරුව ආරම්භ වුණා.

එහිදි පන්දු රැකීම සඳහා ශ‍්‍රි ලංකා ක‍්‍රීඩකයින් කිහිප දෙනෙකුම පිටියට පිවිසියේ මුඛවාඩම් පැළඳගෙනයි.

මේ වන විට ඉන්දිය දෙවැනි ඉනිමේ පළමු කඩුල්ල දැවී ගොස් තිබෙනවා. ඒ අනුව ඉන්දියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 24 ක් ලබා පන්දුවට පහර දෙමින් සිටිනවා.

 

-------------------------

ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් 

(05-12-2017 10:08)

ඉන්දියාව සමග නවදිල්ලිහි පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකා පළමු ඉණිම මීට නොබෝ වේලාවකට පෙර අවසන් වුණා.

එහිදී සියලූ දෙනා දැවී ශ්‍රී ලංකා පිළ රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 373ක්.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 164ක් ලබා ගත්තා.

ටෙස්ට් ක‍්‍රිකට් තරගයක ඉණිමකදී ඔහු රැස් කරගත වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙයයි.

ඉන්දිය කණ්ඩායම පළමු ඉණිම සඳහා කඩුලූ 7ක් දැවී ලකුණු 536ක් ලබා ගත්තා. ඒ අනුව පළමු ඉණිම අවසානයේ ශ‍්‍රී ලංකා කණ්ඩායයම සිටින්නේ ඉන්දියාවට වඩා ලකුණු 163ක් පිටුපසින්.

(මේ සම්බන්ධ මීට පෙර පුවත් පහතින් දැක්වෙයි)

ශ්‍රී ලංකා පිල 359/9 චන්දිමාල් නොදැවී ඉදිරියට

මැතිව්ස්ගෙන් ශතකයක් (UPDATE)