Monday, May 6, 2024

General line - 0115112241

ශ්‍රී පාද අඩවියේ හමුවූ දකුණු පා සළකුණ (PHOTOS) (VIDEO)

රංජිත් රාජපක්ෂ - හැටන්




ශ්‍රී පාද අඩවියට ආසන්නයේ රක‍්ෂිතයක කලූගලක් මත විශාල පා සළකුණක් මතුවී තිබෙනවා.

එම පා සළකුණ සමිබන්ධයෙන් මස්කෙළිය පොලිසිය විමර්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් ප්‍රදේශයේ රක‍්ෂිතයක් තුල විශාල දකුණු පාදයක බවට සැලකෙන පා සළකුණක් හමුවි ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික‍්ෂක ටිරෝන් රත්නායක පැවසුවා.

ශ්‍රී පාද රක‍්ෂිතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක‍්ෂිතයක  විශාල කලූගලක් මත අද (20) මෙම පා සළකුණ වතුකම්කරුවන් දැක එය කහවලින් සෝදා එම සළකුණට පුද සත්කාර තිබෙනවා.

මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් www.nethnews.lk කළ විමසීමක දී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන්  තමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරිමට නියමිත බවයි.

මෙහි පාද 2ක් ඇති අතර දකුණු පාදය පැහැදිළිව දිස්වන අතර වම් පාදය මැකී ගොස් ඇති බව සඳහන්.