Monday, May 6, 2024

General line - 0115112241

දඹදිව බුද්ධඝයාහිදී හමුවුණු විනාශකාරි දේ මෙන්න




දඹදිව බුද්ධඝයා විහාරස්ථානයේ අංක 04 දොරටුව අසළ තිබී බෝම්බ 02ක් සොයාගෙන තිබෙනවා.

කිලෝග්‍රෑම් 10ක් පමණ බරැති බෝම්බ දෙකක්  එලෙස සොයා ගෙන ඇත්තේ.

එම බෝම්බ දෙක ඉන්දීය පොලිසියේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් රැගෙන ගොස් තිබෙනවා.

ටිඛෙට් ආධ්‍යාත්මික නායක දලෙයිලාමා බුද්ධඝායාවේ පූජාවක් අවසන් කර පිටවයාමෙන් නොබෝ වේලාවක පසු එම බෝම්බ හමු වූ බවයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කළේ.

බෝම්බ සොයා ගැනීමෙන් අනතුරුව එරට පොලිසිය ඒ ආශ්‍රිත ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.