Friday, April 26, 2024

General line - 0115112241

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ ශ්‍රීලනිප අපේක්ෂකයන් හා ජනපති අතර හමුවක්




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දුන් දේශපාලන පක්ෂ හා සන්ධාන නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ජනාධිපතිතුමා අතර විශේෂ හමුවක් කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (15) පස්වරුවේ පැවැත්වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය හා ඊ.පී.ඩී.පි ය නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය ලැබූ සියලූ අපේක්ෂක අපේක්ෂිකාවන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සහ දිස්ත්‍රික්ක සංවිධායකවරුන් මීට එක්ව සිටියා.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් සහ ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ.එල්.එම් අතාවුල්ලා මෙහිදී අදහස් දැක්වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, අනුර ප්‍රියදර්ශන යාපා, ඒස්.බී දිසානායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ මැති ඇමතිවරු රැසක් මීට එක්ව සිටියා.