Tuesday, May 7, 2024

General line - 0115112241

විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් ගැරූ කොරියානු භාෂා ගුරුවරයෙකු රිමාන්ඩ්




විදෙස් රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

මොණරාගල, දිය කොළයාය දොඹගහවෙල  ප්‍රදේශයේ පදිංචි කොරියානු භාෂා පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු සිරිපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී සැකකරු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙසයි දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ.

විදෙස් රැකියා ලබා දෙන බව පවසා පොළොන්නරුව, නුවරගල, සිරිපුර ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් සැකකරු විසින් රුපියල් ලක්ෂ දහය බැගින් මුදල් වංචා කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරු තවත් ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් එලෙස මුදල් වංචා කර ඇත්දැයි සොයා පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.