Friday, April 26, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට ඇත්තේ දින 500 ක් පමණයි

හරිත පෙරේරා




හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ සහභාගි වූ පිංකමකදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් සිදුකළ ප‍්‍රකාශයට ඒකාබද්ධ විපක්‍ෂය අද (24)  ප‍්‍රතිචාර දැක්වුවා. එහිදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම කියා රජයේ මාධ්‍ය සහ වෙනත් පුද්ගලයින් එය විකෘති කරමින් ප්‍රකාශ කරමින් සිටින බවයි. මුලින්ම කළ යුත්තේ උන්වහන්සේ දේශනා කළ දේ ගැන හරි ලෙස ඇහුම්කන් දීම බවයි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂ යනු වැදගත්, ශිලාචාර මහත්මයෙක් බව මෙහිදී ඔහු ප්‍රකාශ කළා. 

ඉදිරි ජනාධිපතිවරණය සහ මැතිවරණ කල් දැමීම සම්බන්ධයෙන්ද මන්තී‍්‍රවරයා මෙහිදී අදහස් පළ කළා.

අද සිට ජනාධිපතිවරණය සඳහා ප්‍රකාශ කිරීම සඳහා ඇත්තේ දින 500 ක් පමණක් බවයි. එමෙන්ම උතුර, මධ්‍යම සහ වයඹ පළාත් සභා විසුරුවා හැරීමට දින ලංවෙමින් පවතින බවද ප්‍රකාශ කළා. මෙතෙක් සිමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාවත් සභාගත කර නැති බවයි ඔහු කියා සිටියේ. 

පළාත් සභා මැතිවරණ සිතියම හකුලා දැමීමට ආණ්ඩුව මේ වනවිටත් කටයුතු කර ඇති බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම මෙහිදී කියාසිටියේ.