Saturday, April 27, 2024

General line - 0115112241

"ජොලිම දවසෙත් බොන්න කතා කරන එකාට ලොකුම ගොනා කියන්නේ ඇයි ”




ලංකාව පුරා තරුණ තරුණියන් ඉලක්ක කර ගනිමින් මද්‍යසාර, දුම්වැටි හා අනෙකුත් මත්ද්‍රව්‍ය භාවිතය හා සතුට අතර සම්බන්ධයක් නොමැති බව අවබෝධ කරවීම සඳහා Colombo Youth Zone සහ මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය එක්ව විවිධ ආකර්ෂණීය වැඩසටහන් සංවිධානය කරනු ලබනවා.

මෙවර උසස් පෙළ අවසන් සිසු සිසුවියන් හා උසස් පෙළ විභායට පෙනී සිටීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් සඳහා සංවිධානය කරන ලද Raise the bounce 2k18 ඉසව්ව පසුගියදා ගම්පහ නගරයේදී පැවත්වුණා. මෙහි ප‍්‍රධාන තේමාව වූයේ  "ජොලිම දවසෙත් බොන්න කතා කරන එකාට ලොකුම ගොනා කියන්නේ ඇයි ???” යන්නයි.

නළු නිළියන්ගේද සහභාගීත්වයෙන් ඉතාමත් ආකර්ශණීය අන්දමින් මෙම ඉසව්වෙහි බඞී කි‍්‍රකට් තරගාවලියක්ද  කි‍්‍රයාත්මක වුණා. මෙය ක‍්‍රියාත්මක වූයේ සාමාන්‍ය ක‍්‍රිකට් නීති රීතීවලට හාත්පසින්ම වෙනස් නීති රීතී මාලාවක් යටතේයි. ඒ හා සමගාමීව නිර්මාණශීලී වෙනත් තරග ද සමගින් වැඩසටහන් මාලාව දවස පුරා පැවැත්වුණා.

මෙම වැඩසටහන සඳහා මෙවර උසස් පෙළ අවසන් සිසු සිසුවියන් හා අමතර පන්ති සඳහා සහභාගී වන සිසු සිසුවියන් 800 කට වැඩි ප‍්‍රමාණයක් සම්බන්ධ වූ අතර "ජොලිම දවසෙත් බොන්න කතා කරන එකාට ලොකුම ගොනා කියන්නේ ඇයි ??? ”යන පැනයට නිර්මාණාත්මක පිළිතුර SMS කර වටිනා ත්‍යාග ලබා ගැනීමට හා වැඩසටහනේ අනෙකුත් තරගවලට සහභාගී වී ත්‍යාග ලබා ගැනීමටද ඔවුන්ට අවස්ථාව හිමි වුණා.