Friday, April 26, 2024

General line - 0115112241

වෛද්‍ය ශිෂ්‍යාව ඝාතනය කළ සැමියාගෙන් ප්‍රශ්න කෙරේ




යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාව තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇත්තේ ඇයගේ සැමියා බව හමුදා මාධ්‍ය අංශය පවසනවා.

පරන්තන් යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබළෙකු විසින් යාපනය පන්නෙයි කලපුව අසල ඇති උද්‍යානයේදී විවාහක ශිෂ්‍යාව වන සිය බිරිඳව මෙලෙස ඝාතනය කර තිබුණා.

බද්දාගොඩ ජනපදය බේරුවල ලිපිනයේ පදිංචි ඇය වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ හපුහෙට්ටිගේ දොන් රෝෂනී කාංචනා නැමැති 29 හැවිරිදි ශිෂ්‍යාවකි.

ඝාතනයට හේතුව පවුල් ආරවුලක් බවයි මේ වන විට අනාවරණය වී තිබෙන්නේ.

සැකකරු අපරාධය සිදු කළ ආයුධය සමග යාපනය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන දැනට වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.