Friday, April 26, 2024

General line - 0115112241

සංචාරක තහනම තිබියදීත් චීන වැසියන් ලක්ෂ 50 ක් වුහාන් නගරයෙන් පිටවෙයි




මාරාන්තික කොරෝනා වෛසරය ව්‍යාප්ත වී ඇති වුහාන් නගරවේ වෙසෙන චීන වැසියන් සඳහා වීසා හා ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව ජනවාරි 30 වනදා දක්වා අත්හිටුවීමට බලධාරීන් තීරණය කර ඇතැයි වාර්තා වනවා. එසේ තිබියදී උහාන් නගරාධිපතිවරයා ඊයේ අනාවරණ කළේ මිලියන 50 ක පමණ වැසියන් පිරිසක් මේවනවිටත් විවිධ හේතූන් මත උහාන් නගරයෙන් පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව වෛරසය පැතිරීමේ අවධානම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවට සෞඛ්‍ය අංශ බිය පළ කරනවා. කෙසේවෙතත් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාමත් සමග වුහාන් නගරය වසා දැමීමට බලධාරීන් තීරණය කිරීම නිසා මේවනවිටත් මිලියන 11 ක පමණ පිරිසක් නගරය තුළ සිරවී සිටින බවයි පැවසෙන්නේ. 

මේ අතර චීන අග්‍රාමාත්‍ය ලී කේ ක්වෑන් අද මාරාන්තික නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වී තිබෙන වුහාන් නගරයේ සංචාරයක නිරත වුණා. කොරෝනා අවධානම මතුවීමත් සමග වසා දැමුණු වුහාන් නගරයට පළමුව පැමිණි චීන රජයේ ඉහළ නිලධාරියා ඔහුයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා රෝහල් කිහිපයක සංචාරය කර පවතින තත්ත්වය නිරීක්ෂණය කර ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර චීනය තුළ දැනට පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අද චින බලධාරීන් සමග සාකච්ඡාවකට ද එක්වීමට නියමිතයි. 

නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මේවනවිට චීනයේ පුද්ගලයින් 80 දෙනෙකු මියගොස් ඇති අතර වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී සිටින පුද්ගලයින් ගණන 2, 744 ක්.