Friday, April 26, 2024

General line - 0115112241

ඉරානයේ සහ ඇෆ්ගනිස්තානයේ චීන ව්‍යාපෘති අඩියක් පසුපසට




ඉරානය සහ ඇෆ්ගනිස්තාන යන රටවල චීන සංවර්ධන ව්‍යාපෘති තරමක් දුරට සීමා කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

චීනයේ ,බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීටියේෂිව් හෙවත් එක් තීරයක් එක් මාවතක් සංවර්ධන වැඩසටහන යටතේ රටවල් 60 කට අධික සංඛ්‍යාවක විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත්, මේවා පිළිබද චීන විශේෂඥයන්  කළ අධ්‍යනයකදී හෙළිවී ඇත්තේ ඉරානය සහ ඇෆ්ගනිස්තානය වැනි රටවල පවතින පාරිසරික සාධක හේතුවෙන් එම රටවල ව්‍යාපෘති තුළින් එතරම් හිතකර ප්‍රතිලාභ අත්නොවනු ඇති බවයි.

මේ හේතුවෙන් , අදාළ රටවල ව්‍යාපෘති තරමක් දුරට සීමා කො⁣ට ඒ වෙනුවට දකුණු සහ ගිණිකොණදිග ආසියානු රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට චීනයේ අවධානය යොමුව ඇතැයි සදහන් වේ.

මෙි අතර පසුගියදා පැවති ජීහත රටවල සමුලුවේදී චීනයේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘතිය සමග තරගයට හරිත සහ තිරසාර  සංවර්ධනය තේමා කරගත් ව්‍යාපෘතියක් හදුන්වාදීමට ද තීරණය කෙරිණ.