Saturday, April 27, 2024

General line - 0115112241

පාකිස්තානයේ ආරක්ෂාව, යළි ක්‍රිකට් පිටිය කළඹයි




පාකිස්තානය සමඟ පළමු එක්දින ක්‍රිකට් තරඟය ආරම්භ කිරීමට කෙටි වේලාවක් පමණක් ඉතිරිව තිබියදී සම්පූර්ණ තරඟාවලියෙන් ම ඉවත් වීමට නවසීලන්තය අද පස්වරුවේ තීරණය කළා. ඒ, පාකිස්තානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් උද්ගතවූ අවධානම් තත්ත්වයක් හේතුවෙන්.

නවසීලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලය පවසන්නේ පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මතු වීමත් සමඟ අවසන් මොහොතේ තරගාවලියම අත්හිටුවීමට තීරණය කළ බවයි. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම හැකි ඉක්මනින් පාකිස්තානයෙන් ඉවත් කරගනු ඇති. 

කෙසේ වෙතත් මෙම තීරණය විවේචනය කරමින් පාකිස්තාන ක්‍රිකට් පාළක මණ්ඩලය පවසන්නේ සිය රජයේ සහ නවසීලන්තයේ ආරක්ෂිත විධිවිධාන සම්බන්ධ තීරණ පිළිබද කිසිසේත්ම සෑහීමනට පත්වන බවයි. නවසීලන්ත කණ්ඩායම මෙලෙස පාකිස්තානයට පැමිණියේද එරට ආරක්ෂක විධිවිධාන පිළිබද සෑහීමකට පත්වූ පසුබිමකයි.

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් මෙලෙස පාකිස්තානයේදී එක්දින තරඟයකට එක්වීමට සූදානම් වූයේ වසර 18 කට පසු පළමු වරටයි. නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමක් මීට පෙර පාකිස්තානයේදී එක්දින ක්‍රීකට් තරගාවලියකට එක්වී ඇත්තේ 2003 වසරේදීයි.