Friday, April 26, 2024

General line - 0115112241

භයානක කොවිඩ් ප්‍රභේදය නිසා දකුණු අප්‍රිකාවේ අනතුරුදායක තත්වයක් : කුඩා දරුවන්ටත් අනතුරු ඇඟවීමක්




ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ වේගවත් සම්ප්‍රේෂණය සනාථ කරමින් වෛරසය පළමුවරට හඳුනා ගනු ලැබූ දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන ආසාදිතයින් ගේ රෝහල් ගතවීමේ සම්භාවිතාව සීයයට 300කින් ඉහළ ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

දැඩි විකෘතිතාවයෙන් යුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු පලමු වරට හඳුනා ගැනුණු ජොහැන්ර්ස්බර්ග් අගනුවර පිහිටි Gauteng නගරයෙන් ගතවූ සතිය තුලදී පුද්ගලයින් 580 දෙනෙක් රෝහල් ගතවී ඇති බවයි.

ඊට පෙර සතියේ රෝහල් ගත කරන ලද ආසාදිතයින් 135 දෙනාට සාපේක්ෂව එය සියයට 300 කින් ඉහළ යාමක් බවයි නිල වාර්තා පෙන්නුම් කර සිටින්නේ. 

මේ අතර දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයට අනුව Omicron වෛරසයෙන් මුළු රෝහල් ගතවීම්වලින් 10% ක් පමණ වයස අවුරුදු 2 ට අඩු ළමුන් බවට සඳහන් කර සිටියි.

ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රමුඛව පැවති තුන්වන රැල්ලේදී සමාන ප්‍රවණතාවක් ඇති වුවද, වත්මන් සිව්වන ආසාදන රැල්ලට ඇතුළු වන රටේ මුල් අවධියට වඩා වැඩි වේගයෙන් ළමුන්ට වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවයි එරට බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ මහජන සෞඛ්‍ය විශේෂඥ Waasila Jassat පැවසුවේ.