Friday, April 26, 2024

General line - 0115112241

නවගමුව පොලිසිය තුල සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට




නවගමුව පොලිස් ස්ථානය තුළ සිදුකළ පිහි ඇනුමකින් අද පුද්ගලයෙකු මියගියා. එලෙස මියගියේ කරවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙක්. 

මියගිය පුද්ගලයා හිරිහැර සිදුකරන බවට කාන්තාවක් විසින් නවගමුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. 

එම පැමිණිල්ල විභාග කිරීම සඳහා කළ කැඳවීමකට අනුව අදාළ කාන්තාව තවත් පිරිමි පුද්ගලයෙකු සමග අද උදෑසන නවගමුව පොලිස් ස්ථානයට පැමිණ ඇති අතර මියගිය පුද්ගලයා ද පොලිස් ස්ථානය වෙත පැමිණ තිබෙනවා. එහිදී කාන්තාව සමග පැමිණි පුද්ගලයා විසින් අනෙක් පුද්ගලයාට පිහි ඇනුමක් සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

සිද්ධිය සම්බන්ධයෙන් පිහිඇනුම සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.