Saturday, April 27, 2024

General line - 0115112241

ජලය නොමැතිව උඩවලව කුඹුරු රැසක් දැඩි අවධානමක

ප්‍රගීත් ජානක




උඩවලව ජලාශයට ජලය ඉල්ලා එම ජලාශයෙන් පෝෂණය වන කුඹුරු ඉඩම් හිමි ගොවි ජනතාව ආරම්භ කළ සත්‍යග්‍රහය අද අවසන් කෙරුණා.

එහෙත් ගොවීන් පවසන්නේ ජලය නොමැතිව කුඹුරු රැසක් දැනටමත් දැඩි අවධානමක පවතින බවයි. 

මෙම අවස්ථාවට එක්වූ සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ හානි වූ කුඹුරු සඳහා වන්දි ලබාගැනීමට තවත් සටනක් අරඹන බවයි. 

උඩවලව ජලාශයට ජලය ඉල්ලා එම ජලාශයෙන් පෝෂණය වන කුඹුරු ඉඩම් හිමි ගොවි ජනතාව දින 18 ක් මෙම සත්‍යග්‍රහයේ නිරත වුණා.