Friday, May 10, 2024

General line - 0115112241

නවසීලන්ත සහ පකිස්තාන කණ්ඩායම අතර අවසන් 20යි 20 ක්‍රිකට් තරඟය අද




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම සමඟ පැවැත්වෙන අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟය අද රාත්‍රියේ ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

දෙරට අතර පැවති 20යි 20 ක්‍රිකට් තරඟාවලියට තරඟ 05ක් ඇතුළත්.

එහි පළමු තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා. ඉතිරි තරඟ 03න් දෙකක්ම ජය ගනු ලැබුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායමයි.

ඒ අනුව තරඟාවලියේ තුන්වන තරඟය කඩුලු 07කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර පැවති 04වන තරඟය නවසීලන්ත කණ්ඩායම ජය ගනු ලැබුවේ ලකුණු 04කින්.

අද පැවැත්වෙන තරඟය නවසීලන්ත කණ්ඩායම ජය ගතහොත් ඔවුන්ට පන්දුවාර 20යි 20 තරඟාවලියේ ජය හිමි වනවා.