Sunday, April 28, 2024

General line - 0115112241

ඉන්දීය මහ මැතිවරණයට දින නියම කෙරේ




ඉන්දීය මහ මැතිවරණයට දින නියම කර තිබෙනවා.

ඒ, ඉන්දීය මැතිවරණ කොමිසම විසින්.

එම කොමිසම නිවේදනය කර ඇත්තේ එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවලදී අදියර 07ක් යටතේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන බවයි.

ඒ අනුව ඉනදීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම අප්‍රේල් 19වනදා ආරම්භ වනු ඇති.

ජුනි මස 01වනදා ඡන්ද විමසීමේ කටයුතු අවසන් වන බව ඉන්දීය මැතිවරණ කොමිසමේ ප්‍රධාන මැතිවරණ කොමසාරිස් රජීව් කුමාර් නිවේදනය කළා.

ඡන්ද ප්‍රතිඵල ජුනි 04 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද ඔහු පවසා තිබෙනවා. 

මෙවර ඉන්දීය මහ මැතිවරණය සඳහා ඡන්ද දායකයින් මිලියන 968ක් පමණ සුදුසුකම් ලබා සිටින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය ඉන්දීය මහ මැතිවරණය වනු ඇති.

මෙවර මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජය ලබනු ඇති බවටයි පූර්ව මත විමසුම් උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.