Sunday, May 5, 2024

General line - 0115112241

එක්දින තරඟාවලි ජයක් වෙනුවෙන් ශ්‍රී ලංකා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අද තරඟ බිමේ




සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරඟාවලියේ තුන් වන සහ අවසන් තරඟය අද පැවැත්වෙනවා.

තරඟය ආරම්භ වන්නේ පෙරවරු 09යි 30ටයි. දෙරට අතර පැවති පළමු එක්දින තරඟය බංග්ලාදේශ කණ්ඩායම ජය ගනු ලැබුවා.

ඒ, කඩුලු 06කින්. කෙසේවෙතත් දෙරට අතර පැවති දෙවනි එක් දින තරඟය කඩුලු 03කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව අද පැවැත්වෙන තරඟයෙන් ජය ගන්නා කණ්ඩායමට එක්දින තරඟාවලියේ ජය හිමි වනවා.

දෙරට අතර පැවති තරඟ 03කින් යුත් පන්දු වාර විස්ස තරඟාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ එම තරඟාවලියේ තරඟ 02ක් ජය ගනිමින්.