Saturday, April 27, 2024

General line - 0115112241

කළුතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්




කළුතර නගර මධ්‍යයේ අද දහවල් ජන අරගල ව්‍යාපාරයේ  විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර එම අවස්ථාවේදී විරෝධතා කරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

ජීවන බර ,බදු මිල, විදුලි බිල, ත්‍රස්ත පනත සහ විරෝධතා කරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාව පවත්වා තිබුනා.

දැඩි අව් රශ්මිය මධ්‍යයේ  විරෝධතා කරුවන් කිහිප දෙනෙකු විරෝධතා පුවරු අතැතිව බිම වාඩි වූ අතර, එම විරෝධතාකරුවන් වෙනුවෙන් අවු ආවරණයක් රැගෙන විත් තිබෙනවා.

එසේ රැගෙන ආ අවු ආවරණය පොලිස් භාරයට ගැනීමට යාමේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර මෙම  උණුසුම් තත්ත්වය ඇතිවූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

පසුව  පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එක්ව අවු ආවරණය  රැගෙන ආ පුද්ගලයින් සහ ඒ සඳහා සහාය දැක්වූ පුද්ගලයන්  පොලිස් භාරයට ගෙන තිබෙනවා.

කළුතර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ සඳහන් කලේ නීති විරෝධී ඉදිකිරීමකට සූදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇති බවයි.