Saturday, April 27, 2024

General line - 0115112241

ඇමරිකාවේ අඩි 9,000ක් දිග පාලමක් කඩා වැටේ




ඇමරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේ බැල්ටිමෝහි පිහිටා තිබූ පාලමක් කඩාවැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටී එම පාලම කඩාවැටී ඇති බවයි.

පැටප්ස්කෝ නදිය හරහා ඉදිකර තිබූ ෆ්‍රැන්සිස් ස්කොට් නැමැති දිගින් අඩි 9,000ක් පමණ වන පාලමක් එලෙස කඩාවැටී තිබෙනවා.

නෞකාව එම පාලමේ ගැටෙන ආකාරය සහ පාලමේ කොටසක් කඩාවැටෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශනද විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණා.

කෙසේවෙතත් මෙම අනතුරෙන් ජීවිත හානි සිදුවී නොමැති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.