Sunday, April 28, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව අප්‍රේල් 01 සහ 02 රැස්වෙයි



පාර්ලිමේන්තුව අප්‍රේල් මස 01 සහ 02 යන දෙදින රැස්වීමට තීරණය කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එම තීරණය ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව, අප්‍රේල් මස පළමුවන සඳුදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර ආයුර්වේද පනත යටතේ නියෝග එදින විවාදයට ගැනීමට නියමිතයි.

ඉන් අනතුරුව පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් වන අන්තර් ජාතික ථේරවාද ධර්මායතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත දෙවන වර කියවීමෙන් අනතුරුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.