Sunday, April 28, 2024

General line - 0115112241

යුක්‍රේන යුද්ධය විවවේචනය කළ රුසියානු මාධ්‍යවේදියෙකු සිරගෙට




රුසියානු අධිකරණයක් විසින් එරට මාධ්‍යවේදියෙකුට වසර දෙකක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ, රුසියාව යුක්‍රේනයට එරෙහිව ආරම්භ කළ ආක්‍රමණය විවේචනය කිරීම හේතුවෙන්.

මේ අතර යුක්‍රේන යුද්ධය විවේචනය කළ තවත් වාර්තාකරුවන් පස්දෙනෙකු ද රුසියානු පොලිසිය විසින් පැය 24ක කාලයක් ඇතුළත අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඉන් එක් වාර්තාකරුවෙකුට රුසියානු පොලිසිය විසින් පහරදී ඇති බව ද වාර්තා වනවා.