Sunday, April 28, 2024

General line - 0115112241

ජිවිතයේ සතුට සහ සාර්ථකත්වය ඔබත් සොයන්නේ නැකතකින්ද ?




බාහිර යමක් තුළින් ජීවිතයේ සතුට ලබාගැනීම හෝ තීරණවලට එළඹීම සිදුකළ නොහැකි බව ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනේදී අනාවරණ කෙරුණා.

නැකතක් යනු ද එවැනි බාහිර දෙයක් බවයි එම වැඩසටහනට එක්වූ ප්‍රියනාත් ජයසූරිය පැවසුවේ.

එවැනි බාහිර දෙයක් තුළින් ජීවිතේ සතුට හෝ සාර්ථකත්වය සොයා යාම නිෂ්ඵල බවද ප්‍රියනාත් ජයසූරිය එහිදී පැහැදිළි කළා.

මේ ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රියනාත් ජයසූරිය.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාළිකාවට පිවිස නැරඹිය හැකියි.