Tuesday, April 30, 2024

General line - 0115112241

ලොව ප්‍රීතිමත්ම රාජ්‍යයේ පාසලක වෙඩි තැබීමක්




ෆින්ලන්තයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එරට පොලීසිය පවසනවා.

හෙල්සින්කි අගනුවරට උතුරින් පිහිටි ප්‍රදේශයක පාසල් පන්ති කාමරයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමෙන් මියගිය ළමයින් තිදෙනාම 12 හැවිරිදි වියේ පසු වූවන් බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු ද 12 හැවිරිදි දරුවෙක් බව සඳහන්.

සිද්ධියෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබෙනවා.

කෙසේවෙතත් පොලීසිය පසුව සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් භාරයේ රඳවාගෙන සිටි බවයි පැවසෙන්නේ.

මිනීමැරුම් සහ මිනීමැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ෆින්ලන්ත බලධාරීන් සැකකරුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ෆින්ලන්තයේ වයස අවුරුදු 15 ට අඩු ළමයින් සාපරාධී වගකීම් නොදරන බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර නොමැති අතර ඒ වෙනුවට සමාජ සේවා භාරයේ තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ෆින්ලන්තය යනු ලොව සතුටින්ම ජීවත් වන මිනිසුන් වෙසෙන රාජ්‍යය ලෙස වසර ගණනාවක් තිස්සේ නම් දරා සිටිනවා.