Tuesday, April 30, 2024

General line - 0115112241

ඊශ්‍රායලය බටහිරත් මැදපෙරදිගත් නැති කර ගනීද




ගාසා තීරයේ යුද්ධයක නිරත ඊශ්‍රායලයට එල්ල වන පීඩනය දැන් ඉහළ යමින් තිබෙනවා.

ඉන් එක් හේතුවක් වන්නේ සිරියාවේ ඩමස්කස් අගනුවර පිහිටි ඉරාන කොන්සල් කාර්යාලය ඉලක්ක කර එල්ල වු ප්‍රහාරයයි.

ඉරානය දැන් ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් ප්‍රතිචාර දැක්වීමට සූදානම් බවයි.

මෙම ප්‍රහාරය ප්‍රභූ හමුදාපතිවරුන් දෙදෙනෙකු ඇතුළුව ඉරාන නිලධාරීන් 07 දෙනෙකු මිය ගියා. 

ඊශ්‍රායලය දෙසට බටහිර රටවල පීඩනයද මේ වන විට ඉහළ යමින් තිබෙනවා.

ඒ, ගාසා තීරයේ ලෝකප්‍රකට පුණ්‍යායතනයකට එල්ල වූ ප්‍රහාරයයි.

එහිදී සහන සේවකයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් පැවැත්විය යුතු බවට අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඕස්ට්‍රේලියාව  හා පෝලන්තය දැනටමත් අවදාරණය කර අවසන්.

මෙම පුණ්‍යායතනට ගාසා තීරයට ආධාර සපයන ප්‍රධාන ආයතනයක්.