Sunday, May 5, 2024

General line - 0115112241

චීන වැසියන් පිරිසකගේ මළ සිරුරු මෙක්සිකෝවෙන් හමුවෙයි

චිරන්ත ධර්මසෙන




චීන සංක්‍රමණිකයන් අට දෙනෙකුගේ මළ සිරුරු දකුණු මෙක්සිකෝවේ ඔක්සාවා ප්‍රාන්තයේ වෙරළ තීරයක තිබී හමුවී තිබෙනවා.

ඔවුන් ගමන් කරමින් සිටි බෝට්ටුව පෙරළී ගොස් ඇති අතර එහිදී ඔවුන් මියයන්නට ඇති බවයි වාර්තා වන්නේ.

එම බෝට්ටුව ග්වාතමාලාවේ මායිමේ චියාපාස් ප්‍රාන්තයේ ටපචුලා වෙතින් පිටත් වූවක් බවයි වාර්තා වන්නේ.

මෙක්සිකානු ජාතිකයෙකුගේ මෙහෙයවීම් පරිදි මෙම සංක්‍රමණිකයන් පිරිස බෝට්ටු මගින් ප්‍රවාහනය කර ඇති බව ද සඳහන්.

අනතුරින් මියගිය පිරිස අතර කාන්තාවන් හත්දෙනෙකු  සහ පිරිමි පුද්ගලයෙකු වන බවයි පැවසෙන්නේ.

එම චීන සංක්‍රමණිකයන්ගේ මළ සිරුරු සොයා ගත් මුහුදු ප්‍රදේශය මෙක්සිකෝව හරහා අමෙරිකාවට ඇතුළු වීම ස‍ඳහා නීතිවිරෝධී සංක්‍රමණිකයන් විසින් නිතර භාවිත කරන්නක් බවයි පැවසෙන්නේ.