Monday, May 6, 2024

General line - 0115112241

තායිවානයෙන් යලිත් චෝදනාවක්

චිරාන් ධර්මසේන




චීනයෙන් තවදුරටත් බලපෑම් එල්ල වන බවට තායිවානය චෝදනා කරනවා.

ඒ අනුව තායිවානයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඉකුත් සිකුරාදා සිය රට ආසන්නයෙන් යාත්‍රා කළ චීන නෞකා පහක් සහ හමුදා ගුවන් යානා හතරක් නිරීක්ෂණය කළ බවයි.

චීනයේ එම අත්තනෝමතික ක්‍රියාවට වහා ප්‍රතිචාර දැක්වූ බව ද තායිවානය පවසා තිබෙනවා.

එරට ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ චීනයේ ක්‍රියාවට ප්‍රතිචාර වශයෙන්, තායිවාන සන්නද්ධ හමුදාව වහාම තත්ත්වය නිරීක්ෂණය කළ බවයි.

අනතුරුව චීන හමුදාවේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් යානා සහ නාවික නෞකා යෙදවූ බවත්, ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති ක්‍රියාත්මක කළ බවත් තායිවාන ජාතික ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.