Tuesday, April 30, 2024

General line - 0115112241

භූමි කම්පාවෙන් පැය 24ක් යන්නත් කලින් යළි නැගිට්ට තායිවාන් වැසියෝ




වසර 25කට පසු දරුණුතම භූ කම්පනයකින් තායිවානයට බලපෑම් එල්ල වුවද පැය 24ක් යාමටත් පෙර එරට ජනතාව යළි සිය රාජකාරී ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. 

ඇතැම් පිරිස් සිය රාජකාරී සඳහා පිටත්ව ගොස් ඇත්තේ සුන්බුන් අතරින් වීම කැපී පෙනෙන තත්ත්වයක්.

ගොඩනැගිලි කඩා වැටීමෙන් ඇතැම් මාර්ග අවහිර වී ඇතත් ජනතාව සිය රාජකාරි සඳහා එය බාධාවක් කරගෙන නැහැ.

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ හටගත් භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7යි දශම 4ක්. එහි ප්‍රබලත්වයත් සමග තායිවානයට,

ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණද පසුව එය ඉවත් කෙරුණා.

බලධාරීන් පවසන්නේ වසර 25කට පසු තායිවානයේ සිදුවූ ප්‍රබලතම භූමිකම්පාව මෙය බවයි.

සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සහ සුන්බුන් අතර සිරවූවන් බේරා ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

අද උදෑසන නිකුත් වූ වාර්තාවන්ට අනුව භූ කම්පනයෙන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 1,000කට අධිකයි. මිය ගිය සංඛ්‍යාව 09ක්. තවත් සියයකට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැළකෙනවා.