Tuesday, April 30, 2024

General line - 0115112241

අලුත් අවුරුද්දෙන් පසු ජනතාව කොළඹට පැමිණීමේ අඩුවක්.




සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ගමිබිම් බලා ගිය ජනතාවට යළි කොළඹ සහ තදාසන්න නගර වෙත පැමිණීම සඳහා අද දිනයේද විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වනවා.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් පැවසුවේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ක්‍රියාත්මක කළ විශේෂ බස් රථ සේවා අද දිනයෙන් අවසන් වන බවයි.  


පෞද්ගලික බස් රථවලින් සියයට 75ක් පමණ අද දිනයේ ධාවනය කිරීමට නියමිත බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවුසවේ.


දුම්රිය ගමන් වාර අද දිනයේ සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ගමනාගමන එන් ජේ ඉඳිපොළගේ පැවසුවේ.