Tuesday, April 30, 2024

General line - 0115112241

විදේශිකයෙකුට බැන වදින සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවේ සිටි Street food ව්‍යාපාරිකයා අධිකරණයට.  




කොළඹ Street Food  අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩම්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ වෙළඳසැළේ හිමිකරු බව කියන පුද්ගලයෙක්.

අදාළ සිද්ධියේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමග ඒ පිළිබඳ පොලීසියේද අවධානය යොමුව තිබුණා.

ආහාර මිලදී ගැනීම සඳහා පැමිණි විදේශීය ජාතිකයෙකු ආහාරවල මිල ගණන් විමසීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු වෙළඳසැළේ හිමිකරු එම විදේශීය ජාතිකයාට අඩම්තේට්ටම් කරමින් ආහාර මිලදී නොගන්නේ නම් එම ස්ථානයෙන් ඉවත් වන ලෙස තර්ජනාත්මකව බලපෑම් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.