Tuesday, April 30, 2024

General line - 0115112241

මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ තවත් තිදෙනෙකු යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට




ග්‍රෑන්ඩ්පාස් ශිවන් කෝවිල අසලදී අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යුක්තිය මෙහෙයුම යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය II හි නිලධාරීන් පිරිසක් විසින් ග්‍රෑන්ඩ්පාස්, චොක්කලාවත්ත ශිවන් කෝවිල ආසන්නයේ සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 47 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ ජංගම දුරකථනයක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මීට අමතරව හෙරොයින් ජාවාරමේ නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු ද ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.