සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට කතා බහක් මතු වී ඇති අවුරුදු ගීතයක් වන “සූරිය මංගල්‍යය” ගීතය විකෘති කර සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එම ගීතය ගායනා කළ ප්‍රවීණ සංගීත ශිල්පී රෝහණ බැද්දගේ පළමු වරට නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.
විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් රෝහණ බැද්දගේ පැවසුවේ මෙම ගීතය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමාගෙන් හෝ ඊට සම්බන්ධ කිසිදු පාර්ශවයකින් කිසිදු අවසරයක් ගෙන නොමැති බවයි.
මෙලෙස ගීත අනවසරෙන් වෙනස් කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ප්‍රවීණ සංගීත ශිල්පී රෝහණ බැද්දගේ පැවසුවා.
අදාළ චෝදනා ලැබූ සැකකරු මෙම මස 22 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් උපුල් අලගියවන්න ඊයේ නියෝග කළේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ 31 හැවිරිදි දුම්මලසූරිය සුරාබදු උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහනුවර තලාතුඔය ප්‍රදේශයේ පදිංචි සුරාබදු නිලධාරියෙක්.