Saturday, May 4, 2024

General line - 0115112241

කෙහෙළිය යළි රිමාන්ඩ්




හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා අද යළි රකෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, සැකකරුවන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එහිදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචිනි අබේවික්‍රම නියෝග කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධියට අදාළ නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදී ඔවුන් එලෙස යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප වූ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.