Saturday, May 4, 2024

General line - 0115112241

තරඟ 07කට පසු මුම්බායි ඉන්දියන්ස් නුවන් තුෂාරට තැන දෙයි




ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරඟයකින්  කඩුලු 09ක ජයක් අත් කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.

මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 179ක් රැස් කළා.

තිලක් වර්මා පන්දු 45කදී ලකුණු 65යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 04කදී එක් කඩුල්ලකට ලකුණු 183ක් රැස්කර ගනිමින් මෙම තරඟයේ ජය වාර්තා කළා.

යශස්වි ජයිස්වාල් නොදැවී ලකුණු 104යි.

පන්දු 60කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට 04පහර 09ක් සහ 06 පහර 07 ක් ඇතුළත් වුණා. 

මෙම තරඟය සඳහා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර පළමුවරට කැඳවා තිබීම විශේෂත්වයක් වුණා.

මුම්බායි කණ්ඩායම නුවන් තුෂාරට එම අවස්ථාව ලබා දුන්නේ මෙවර තරඟාවලියේ තරඟ 07කට පසුවයි.

මෙම තරඟයේදී පන්දු ඕවර 03ක් ක්‍රියාත්මක කළ නුවන් තුෂාර ලකුණු 28ක් ලබා දුන්නා.

කෙසේවෙතත් ඔහුගේ පළමු පන්දු ඕවරය ලකුණු 06කට සීමා කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔහු සමත් වුණා.

නුවන් තුෂාර යොමු කළ දෙවන පන්දු ඕවරයේදී ප්‍රතිවාදී පිතිකරුවන් ලකුණු 17ක් ලබා ගත්තා.

කෙසේවෙතත් සිය තුන් වන පන්දු වාරය ලකුණු 05 කට සීමා කිරීමට නුවන් තුෂාර සමත් වුණා.