Monday, May 6, 2024

General line - 0115112241

මෙරට හමුදා සෙබලුන් රුසියානු - යුක්‍රේන යුධ බිමේද?




මෙරට හමුදාවේ විශ්‍රාමික සාමාජිකයින් රුසියානු සහ යුක්‍රේන යුද්ධයට සම්බන්ධ කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ  පාර්ලිමේන්තු සභාව අමතමින් 


ඔහු එහිදී පැවසුවේ මෙරට හමුදා සාමාජිකයින් රුසියානු සහ යුක්‍රේන යුද්ධයට සම්බන්ධවී එකිනෙකාට එරෙහිව යුධ වදින බවයි.


ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.


මේ අතර දියතලාව ෆොක්ස් හිල් අනතුර සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පාර්ලිමේන්තුවේදී අද අදහස් පළකළා.


පාර්ලිමේන්තුවේ සජීවී දර්ශන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.