Monday, May 6, 2024

General line - 0115112241

බේරුවල මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ 12දෙනෙකු අත්අඩංගුවට

සම්පත් කුලරත්න




බේරුවල, වෙත්තිමරාජපුර ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට කොටුවූ ප්‍රධාන ජාවාරම්කරුවකු  සහ  අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් සැකකරුවන් 11  දෙනෙකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව බේරුවල පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් බේරුවල මරදාන වෙත්තිමරාජපුර ප්‍රදේශයේ සිදු  කළ විශේෂ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ප්‍රදේශ රැසකටම අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැර ඇතැයි සඳහන්.

බේරුවල පොලිසිය ප්‍රකාශ කළේ මෙම ප්‍රධාන සැකකරු කාලයක් තිස්සේ මෙම අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම බේරුවල, මරදාන සහ වෙත්තිමරාජපුර, මහගොඩ ආදී ප්‍රදේශවල ඉතා සූක්ෂම ලෙස සිදුකරගෙන ගොස් ඇති බවයි.

මෙම ප්‍රධාන සැකකරුට මෙම අයිස් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව ඉදිරි විමර්ශන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.