Monday, May 6, 2024

General line - 0115112241

විල්ගමුව පොලීසියේ අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් සොයාගැනේ.

ඉන්දික අරුණ කුමාර




මාතලේ, විල්ගමුව පොලීසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ අතුරුදන් වූ ගිනි අවිය එම ප්‍රදේශයේ බුදු කුටියක තිබී සොයාගෙන තිබෙනවා.

ඉකුත් මස 26 වන දින රාත්‍රියේ අතුරුදන් වූ එම ගිනි අවිය සෙවීමේ කටයුතු මේ දක්වාම සිදු කළ බවයි විල්ගමුව පොලීසිය පැවසුවේ.

විල්ගමුව, නුගගොල්ල ප්‍රදේශයේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන කාන්තාවක් තම වෙළඳසැල ඉදිරිපිට ඇති බුදු කුටියට යන අවස්ථාවේ අදාළ ගිනි අවිය එම බුදු කුටියේ ඇති බව දැක ඒ පිළිබඳ විල්ගමුව පොලීසියට දන්වා ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.