Saturday, May 4, 2024

General line - 0115112241

බන්ධනාගාර ගතවන පුද්ගලයන්ට දඩුවම් නියම කිරීමේ ක්‍රමය වෙනස් කිරීමේ සූදානමක්




කිසියම් වරදක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වන හෝ අධිකරණ ක්‍රියාවලියකින් වරදකරු වන පුද්ගලයෙකුට දඬුවම් නියම කිරීමේදී දැනට අනුගමනය කරන ක්‍රියා පිළිවෙත වෙනස් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයෙකුට එහි ගත කරන කාලය හා වරදකරු වීමෙන් පසු එම දඬුවමට අදාළ තවත් කාලයක්ද බන්ධනාගාරයේ සිටීමට සිදු වන බවයි. 

පවතින තත්ත්වය සළකා කිසියම් පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයෙන් පසුව දඬුවම් නියම වන්නේ නම් ඔහු හෝ ඇය රිමාන්ඩ් භාරයේ සිටි කාලයද දඬුවම් කාලයට එක් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද දිනයේද පැවැත්වීමට නියමිතයි. එහි සජීවී විකාශය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.